ගංජා තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට‍

Share

කිලිනොච්චිය, චුන්ඩිකුලම ප්‍රදේශයේදී වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 115 ක ප්‍රමාණයක් අද(05) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලමක දී ටිපර් රථයක සඟවා ප්‍රවාහනය කළ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.

කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට‍ ගෙන ඇත.

බෝට්ටු මඟින් ඉන්දියාවේ සිට ගෙනෙන ලද ගංජා තොගයක් එලෙස බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය හා ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News