රාමසාන් උපවාසය අවසන්

Share

රාමසාන් උපවාසය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක් වී අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිය.

රාමසාන් උපවාසය අවසන් කරමින් අද සංඝට්ටිකුලම මුස්ලිම් ජාතිකයින් තම බිරිදෑවරුන් ,දරුවන් ,හා ඥාතින් එක්වී ත්‍රස්ථවාදීන්ට විරෝධය දක්වමින් දැඩි විරෝධයක් පැවේය.

මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර ඉන් පසුව ආණමඩුව ශාසනාරක්ෂක බල මංඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියන් වඩමවා ධර්ම දේශනාවක්ද පවත්වා අටපිරිකර පුජා කිරිමද සිදුවිය.

මේ අවස්ථාවට ආණමඩුව ආගමික කමිටුව හා , ආණමඩුව පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපාලි රත්න මලල මහතා ඇතුළු නිළධාරින් පැමිණ තිබුණි.

මෙහිදි අදහස් දක්වමින් සිටි සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් අසිස් මව්ලවි තුමන් පවසා සිටියේ මෙවැනි අදහසකි.

“අපි හරිම කම්පා වුනා අප්‍රේල් 21 ප්‍රහාර ගැන. ‍අද වන විට මේ අයි.එස් ත්‍රස්තවාදින් කරපු කාලකන්නි ප්‍රහාරය නිසා සමස්ථ මුස්ලිම් ජාතියට කරපු අවමානායක් ලෙසයි අපි දකින්නේ.

මේ ප්‍රහාරය නිසා අපේ පිරිස් ගැන වපර ඇහින් බලන්න පුරුදු වුණා. මේ නිසා අපි අසරණ වුණා.

අපිට කියන්න උවමනා අපි එදත් අදත් හෙටත් අයිඑස්.ත්‍රස්තවාදින්ට විරුද්ධයි කියලා.

මෙම අවස්ථාවට වැඩම කල වඩත්තේ සෝමානන්ද හිමියන් පවසා සිටියේ,  “ සිංහල බෞද්ධයින් කියන්නේ කාටවත් හිරිහැර කරන ජාතියක් නොවේයි .නමුත් යම් යම් සිදුවිම් නිසා ජාතින් ලෙස අපි වෙනස් විය යුතු නැහැ.

අතීතයේ සිට අපි අතර තිබු මිත්‍රත්වය සහයෝගය තවදුරටත් පලදු නොකර ගමන් කිරීමයි අපේ අරමුණ.

මේ අවස්ථාවේදි මේ කටයුත්ත ත්‍රස්තයින්ට ඔබ පාඩමක් කියා දිම.

අද ඔබේ දරුවන් බිරින්දෑවරු පමණක් නොවෙයි ඥාතින්ද එක්වී මේ දේවස්ථානයේ රැදි සිට සවන් දිමත් ඉතා වැදගත් මෙයයි සහජීවනය. මේ කටයුත්ත මුදල් දී වත් ලබා ගන්න බැරි දෙයක් .බුදු දහම අනුව අපි එය ප්‍රාර්ථනා කරනවා“ යනුවෙනි.

Read more

Local News