තක්කාලිවලින් පහරදෙන උත්සවයක් මෙන්න

Share

කොලොම්බියාවේ සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය පසුගියදා පැවැත්වුණි.

පුද්ගලයන් එකිනෙකා වෙත තක්කාලි වලින් පහරදීම මෙහිදී සිදු කෙරෙයි.

‍කොලොම්බියාවේ සුතමර්චාන් නගරයේ පැවති ටොමැටිනා උත්සවය පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.

කෘෂිකාර්මික කලාපයක් වන මෙහි අස්වනු නෙලීමේ කාලය අවසන් කිරීම සනිටුහන් කරමින් ටොමැටිනා උත්සවය පවත්වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට වැසියන් මෙන්ම විදෙස් සංචාරකයන්ද මේ සඳහා සහභාගි වීමට දැඩි ඇල්මක් දක්වයි.

තක්කාලි යුද්ධය ලෙසින්ද හඳුන්වන මෙහිදී පුද්ගලයන් එකිනෙකා වෙත තක්කාලි වලින් පහර දීම සිදු කරයි.

එය ඉතා විනෝදජනක ඉසව්වක් බව සහභාගීවන්නන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

මෙම ඉසව්ව සඳහා භාවිත කරන්නේ ගොවිපලවලින් ඉවත් කරන මිනිස් පරිභෝජනය සඳහා නුසුදු තක්කාලි බවද එහි සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණි.

Read more

Local News