ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද රැස්වෙයි

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද(06) පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද කාරක සභාවට කැඳවා තිබේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.

Read more

Local News