කොළඹ නගර සභාවට අද වගකීමක් නැ – රටේ අවිධිමත් කුණු කඳු 300ක්

Share

රට පුරා 300 කට අධික අවිදිමත් කසළ කඳු ඇති බවත් එම කසළ කඳුවල වගකීම භාර ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවු නිසා ඒවායේ වගකීම තම අමාත්‍යංශව විසින් භාර ගත් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“කසළ යන්ත‍්‍රවලින්, පස්වලින් හම්බුකරගත්තා මිසක් තමන්ගේ දරු දැරියන්ට මේ ප‍්‍රශ්නේ විසඳීම සඳහා කිසිම කෙනෙක් නිශ්චිතව දායක වුනේ නැති බව කණගාටුවෙන් කියන්න  ඕනේ.

මේවා ආණ්ඩුව කරන්න  ඕනේ වැඩ. මේක නාගරික සංවර්ධන අධිකාරියට අයිති වැඩ නෙමෙයි. නමුත් අපි මෙය ජනතාව වෙනුවෙන් කළේ.

ඊළඟට අපි අරුවක්කාලූවේ සනීපාරක්‍ෂක කසළ අංගනය ඉදිකිරීමේ වැඩපිළිවෙලක් දියත් කළා. මොකද අද වෙලා තිබෙන්නේ. උපවාස, විරෝධතා, කොළඹ කුණු එපා කියලා. නමුත් අපි අද එහි පළමු පියවර අවසන් කර තිබෙනවා.

ඕනෙම කෙනෙකුට කසළ ගෙනිහින් විද්‍යාත්මකව තැන්පත් කරන්න පුළුවන් තැනක් අපි හදලා තිබෙනවා. විද්‍යාත්මකව ඉංජිනේරු මහත්වරු විසින් තීරණය කරන ඒ විද්‍යාත්මක ක‍්‍රමවේදයට අනුව තමයි අරුවක්කාලූවේ කසළ රඳවන්නේ.

අපි අමතක කරන්න හොඳ නැහැ විරෝධතා නිසා මේ රට අවුරුදු 15 ක් විදුලිය නැතිව දුක් වින්දා. මීතොටමුල්ලේ, බ්ලූමැන්ඩල්වල මේ හැම තැනම කසළ කඳු ගොඩගැසුනේ දේශපාලකයින්ගේ අරයගේ මෙයාගේ විරෝධතා නිසා. අද රට පුරා 300 කට අධික කසළ කඳු තිබෙනවා.

මේ කවුරුවත් මේ වගකීම භාර ගන්න ඉදිරිපත් වූයේ නැති නිසා තමයි අපි එම වගකීම භාර ගත්තේ. මට විරුද්ධව උපවාස කලා, පෙළපාලි ගියා පෙත්සම් ගැහුවා. ඒ නොයෙක් දේවල් කළා. අද ඒක අපි අවසන් කර තිබෙනවා.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අද ඒ කරදියානේ කසළ කන්දක් හදලා මේ වගේම විනාශයක් කරගෙන යනවා එම ස්ථානයේ. ඒ වගේම ගිය අවුරුද්දේ සිටම අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව කොළඹ නගර සභාවට  කිව්වා තවදුරටත් කසළ බැහැ කියලා. කොළඹ නගර සභාවට අද වගකීමක් නැහැ.

දැන් මොකද වෙලා තිබෙන්නේ අපේ කැමැත්තකින් තොරව අද කසළ ගෙනිහින් දාලා එතනත් කසළ කන්දක් හදාගෙන යනවා. තවත් විනාශයක් ඒ මුතුරාජවෙල පරිසරයට කරගෙන යනවා. හැමිල්ටන් ඇළට කරගෙන යනවා.

ඒ සාපය ඒ සියළු දෙනාටම යනවා. තවත් ඩෙංගු රෝගීන් හැදිලි මිනිසුන් මෙතන දුක්විඳනවා දකින්න බැරිකම නිසා තමයි අපි ඒ ගේට්ටු ඇර තිබෙන්නේ.

එහෙම නැතිව දේශපාලන වශයෙන් බයවෙලා නෙමෙයි කියන එක අපි කියන්න  ඕනේ. මෙතන මේ දහස් ගණන් රෝගීන් ඇතිවෙලා කොළඹ කුණු වෙලා යන එක දකින්න බැරිව තමයි අපි ඒ ගේට්ටු ඇරලා තිබෙන්නේ.

Read more

Local News