සාදය අවසානයේ කෙළවර වු ජිවිතයක්

Share

තිස්සමහාරාමය පොලිස් වසමේ කොඩිගහවැව, ජුල්පල්ලම ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් අද(06) අළුයම පුද්ගලයෙකු කපා කොටා පහරදී බරපතළ තුවාල කර තිබේ.

පසුව තිස්සමහාරාම, දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේ දී තුවාලකරු මිය ගොස් ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක්වු කොඩිගහවැව, ජුල්පල්ලම, තිස්සමහාරාම යන ලිපිනයේ පදිංචි ලෝහිත ධර්මප්‍රිය කුරේ යන අයෙකි.

මරණකරු සාදයක් සඳහා සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී තම නිවස ඉදිරිපිට ගේට්ටුව අසල දීම කිසියම් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News