කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගනී

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(05) දින මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි නැංගුරම් ලා තිබූ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

Read more

Local News