ජනාධිපති මට ආරක්ෂක කවුන්සලයට එන්න එපා කිව්වා

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

එහිදී සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක ලේකම්වරයා පවසා සිටි බවයි.

ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකව දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.

එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ කපිල වෛද්‍යරත්න මහතා මෙම නියෝගය වාචිකව ලබා දුන් බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

තමා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව දැනුම් දුන් බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බව ද මෙහිදී ලේකම්වරයා දැනුම් දුන් බව ද පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියේය.

Read more

Local News