කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන්ම ලංකාවට අයිතියි

Share

ආන්දෝලනයට තුඩුදී ඇති කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාව සතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) අවධාරණය කළා.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේ ඉන්දියාවේ මැදිහත්වීම මත නැගෙනහිර පර්යන්තයේ කොටස් ජපානයට සහ චීනයට ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බවයි. එය හදිසියේ සිදුවූවක් බවට ද ඔවුන් චෝදනා කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු අද (06) ආරම්භ වූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යළි ප‍්‍රශ්ණ කළා.

ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා.

Read more

Local News