හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරු ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නම් කර තිබේ.

පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 13 වනදා කිසියම් මාධ්‍යක පැවති වැඩසටහනකට සහභාගි වූ හිස්බුල්ලා මහතා විනිශ්චකාරවරයෙකුගේ මාරු කිරීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වාදෙන පෙත්සම්කාර නීතීඥවරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Read more

Local News