කථානායකට විජයදාසගෙන් ලිපියක්

Share

ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාගේ අවධානය යොමු කරමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

මුලික කරුණු 12 කින් සමන් විත මෙම ලිපිය අද(06) දිනයේ දී කරූ ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කර ඇත.

මෙම ලිපිය ජනපති, අගමැති හා විපක්ෂ නායකවරයා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට හා සියලු ජනමාධ්‍යවලට පිටපත් කර තිබේ.

2019 අප්‍රේල් 21 වන දින සිදුවු ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5 ක් විභාග වෙමින් පවතින බැවින් Sub-Judice රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් සාකච්ඡා කිරීමට ලක්කල නොහැකි බව මෙම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ද කරුණු විමර්ශය කිරීම ආරම්භ කර ඇති බව ද විජයදාස මහතා පෙන්වා දී තිබේ.

1955 අංක 32 දරණ රහස් පනත (official Secrets Act) 1955 සැප්තැම්බර් 1 වන දින සිට අප රටේ ක්‍රියාත්මක වන පනතක් වන අතර එය රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සම්මත කර ගන්නා ලද පනත පිළිබඳ කරුණු දක්වමින් විජයදාස මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු කරුණු අභිබවා වර්තමාන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරමින් රාජ්‍ය බුද්ධි අංශ රහස්‍ය තොරතුරු හෙලිදරව් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා අනාරක්ෂිත හා බරපතළ තත්ත්වයක් සිදු වන බවත් එහි අනිටු විපාක පිළිබඳව පූර්ණ වගකීම කථානායකවරයා වශයෙන් දැරිය යුතු බවත්, දෙවනුව ආණ්ඩුව බාර ගත යුතු බවත්ය.

සේනාධිනායකයා ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය බුද්ධි තොරතුරු පාර්ලිමේන්තුව තුළ හෝ වෙනත් කුමන ස්ථානයක දී හෝ හෙළිදරව් කිරිමට ඉඩ දීම මඟින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  33(1) අ සහ 38(2) අ(​i) ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනයන් චේතනාත්මකව උල්ලංඝනය කර ඇති බව ද මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

Read more

Local News