දූෂණ වංචා ගැන සොයන පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට

Share

2015-2018 රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමට ජනපති පත් කළ පරික්ෂණ කොමිෂමේ අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද(06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනපතිවරයා වෙත ලබා දී ඇත.

කොමිෂමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර සෙසු සාමාජිකයන් වන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඇතුළු සෙසු සාමාජික සාමාජිකාවන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳ මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂමේ කාර්ය භාරය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනවාරි 17 වනදා පත් කරන ලද කොමිෂමේ වාර්තාව මාස 06ක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබිණි.

Read more

Local News