ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්

Share

තව වසර පහකින් මෙරට ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේදී ප්‍රකාශ කරනු ලැබු ප්‍රකාශය හේතුවෙන් මෙරට ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර ඇත.

ගෘහ භාණ්ඩ අද වන විට පාරිභෝගිකයින්හට අත්‍යාවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව ඇති බවත් ලී මෝල් වසා දැමුවහොත් මෙරට ගෘහ භාණ්ඩ ඉල්ලුමට කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටින අතර ආනයනික ගෘහ භාණ්ඩ අප රටේ දේශපාලකයින්ට මිස සාමාන්‍ය පාරිභෝගකියන්ට නම් මිලදී ගත නොහැකි බවද ඔවුන් අවධාරණය කර ඇත.

වන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නිසි පරිදි ක්‍රියාත්මක නොකර ලී මඩු තහනම් කිරීම අතීසාරයට අමුඩය ගැසීමකටත් එහා ගිය වැඩ පිළිවෙලක් වන බැවින් මේ සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දෙනු ලබන්නේ මන්ද මානසිකයෙකුද යන් ගැටලුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නම් ඉක්මනින්ම කළ යුත්තේ මධ්‍යම පරිසර අධිකාරිය වසා දමා වෙනත් ආයතනයක් ස්ථාපිත කිරීම බවත්, එසේ වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය අද වන විට මුදලට යටවුනු ආයතනයක් බවට පත්ව ඇති හේතුවෙන් බවත් නිවේදනයෙහි සඳහන්ය.

Read more

Local News