පාසල්වල ආරක්ෂාවට මව්පියන් එන්න එපා

Share

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව,  පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිනි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවල යෙදී සිට ඇති බවට ද පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්, දරුවන් හා මව්පියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ ව ද පැමිණිලි රැසක් ලැබී ඇත.

ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් ‍පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read more

Local News