තේ වතුවල අනවසරෙන් මැණික් ගැරූ 8ක් අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව තේ වතුවල අනවසරෙන් මැණික් ගැරූ අටදෙනෙකු සැකපිට අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායේ තේ පදුරු ගලවා විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු සහ බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් ලොයිනොල් වතුයායේ රාණිකාඩු කොටසේ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය අසල අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ මැණික් ඉල්ලම් පස් තොගයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ව ජූනි 11 වන දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read more

Local News