ශී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අද ලෝක කුසලාන තරඟ බිමට

Share

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තුන්වන තරගය බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වෙනවා.

ඒ, පාකිස්තානු කණ්ඩායමට එරෙහිවයි.

එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වන අතර දෙපිළම මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව මේ දක්වා එක්දින තරග ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා නැහැ.

මේ දක්වා පාකිස්තානු කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන තරග 7ම ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබෙනවා.

Read more

Local News