‘අයන් මෑන්’ මාවල් චිත්‍රපට සමාගම අත්හැර නවතම චරිතයකින් එයි

Share

‘අයන් මෑන්’ චරිතය හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ රොබට් ඩි ඩවුනි ‘මාවල්’ චිත්‍රපට සමාගමෙන් මේ වනවිට ඉවත්ව ඇති බව හොලිවුඩ් වාර්තා කරයි.

වසර 7ක කාලයක් තුළ ‘මාවල්’ චිත්‍රපට සඳහා පමණක් රංගනයෙන් දායක වූ රොබට් ඩි ඩවුනි මේ වනවිට වෙනත් චිත්‍රපට සඳහා සම්බන්ධ වීඹට කැමැත්ත පළ කොට ඇති බව පැවසේ.

ඒ අනුව ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් ලබන වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

එඩි මර්ෆි කාලක් තිස්සේ රංගනයෙන් දායක වූ ‘ඩොක්ටර් ඩුලිට්ල්’ චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණයට ඔහු මෙසේ එක්ව තිබේ.

මෙම චිත්‍රපටයේ ඔහු සමගින් ජෝන් සිනා, ටොම් හාලන්ඩ්, සෙලීනා ගෝමස්, එමා තොම්සන් ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් නළුනිළියන් පිරිසක් ආරාධිත රංගනයෙන්ද දායක වන බව හොලිවුඩ් වාර්තා වැඩි දුරටත් පවසයි.

Read more

Local News