තවමත් ‘ඇවෙන්ජර්ස් ද එන්ඩ් ගේම්’ ඇවටර්ට මිලියන 100 ක් පසුපසින්

Share

ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින ‘ඇවෙන්ජර්ස් ද එන්ඩ් ගේම්’ චිත්‍රපටයේ තවමත් ලොව ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය වූ ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත්‍රපටයට වඩා මිලියන 100ක් පසුපසින් සිටින බව හොලිවුඩයෙන් වාර්තා වෙයි.

මේ වන විට ‘ඇවෙන්ජර්ස් ද ඉන්ඩ ගේම්’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 2687ක ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ.

කැමරන්ගේ ‘ඇවටර්’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 2787ක ආදායමක් මේ වනවිට උපයාගෙන ඇත.

‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘ඇවෙන්ජර්ස්ද ඉන්ඩ් ගේම්’ චිත්‍රපටය රූපවාහිනි නාලිකාවල ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දීමෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් උපයාගත හැකි බවයි.

Read more

Local News