සමාජ ජාල වල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක්

Share

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිබඳව චෝදනා කරමින් පාප් වහන්සේට තමා යවනු ලැබුවේ යැයි කියන සමාජ ජාල වල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමේද ඔහු මේ බව සඳහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අමාත්‍යවරයා සඳහන් කරයි.

පාස්කු දා ප්‍රහාරයන් පසුව ඇතිවූ විවිධ සිදුවීම් වලදී මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ  ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාවට බාධාවක් වූ බව මෙම ලිපියේ සඳහන් විය.

Read more

Local News