හැම තැනකම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටේ අපට අනාගතයක් නෑ

Share

මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී ඇත්නම් වහාම ඒවා විසඳා රටට හෙළි කිරීම පොලීසියේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ රට හදන, රට රකින ජාතික මඟ ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගී වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය. “මේ මුස්ලිම් සමාජය මෙහිදී කි‍්‍රයාත්මක වන ආකාරය අප තේරුම් ගත යුතුයි. මොකද හැම තැනකම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටේ අපට අනාගතයක් ඇතිවෙන්නේ නැහැ.

ඉතාම සුළු පිරිසක් ඉන්නවා විදේශීය කඳවුරුවලට ගිහින් සන්නද්ධ පුහුණුව ලබාගෙන ඒ ජිහාඞ් කි‍්‍රයාවලිය තුළින් තමන්වත් ඝාතනය කරගෙන අනුන්වත් ඝාතනය කරන්න යන සීයයක දෙසීයයක පමණ ඝාතකයින් පිරිසක් සිටිනවා.

ඔවුන්ව හඳුනාගෙන ඒ අයව විනාශ කළ යුතුයි. ඒ තුළින් පමණයි අපට සාමය ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දාහක දෙදහක පමණ පිරිසක් ඉන්නවා එම මතවාදයේ ඉන්න ගමන් ප‍්‍රචණ්ඩ වැඩවලට යන්නෙ නැති උනාට එම සම්පූර්ණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලියට සහයෝගය දෙන.

එම අය බොහෝ දෙනෙක් හැසිරෙන්නේ අන්තර්ජාලයේ. එකිනෙකා අඳුනන්නේ නැහැ. ගෙවල්වල මිනිසුන් දන්නේ නැහැ මේ ගෙවල්වල ඉඳගෙන මොනවද කරන්නේ කියලා. ඒ නිසා ඒ පිරිස හඳුනාගෙන නිෂ්කි‍්‍රය කළ යුතුමයි.

මම ඉතාම කණගාටු වෙනවා අපේ මුස්ලිම් මැති ඇමතිතුමන්ලාගේ තීරණය ගැන. මම එතුමන්ලාට කිව්වා ඔබතුමන්ලා මොන අරමුණකින් මේක සිදු කරනවාද කියලා රටට මොනවා කිව්වත් මේ පර්යේෂණවලට සහය වීම සඳහා හෝ වේවා, වෙන ආකාරයකට හෝ වේවා මේ රට මේක තේරුම් ගන්නේ ඔබතුමන්ලා මුස්ලිම් හැටියට පමණක් කි‍්‍රයා කරන පිරිසක් හැටියටයි.

මෙමගින් වෙන්නේ මොකද්ද බෞද්ධ හැටියට කි‍්‍රයා කරන්න අපිත් පෙළඹෙනවා, කි‍්‍රස්තියානි හැටියට කි‍්‍රයා කරන්න කි‍්‍රස්තියානි මැති ඇමතිවරු තීරණය කරනවා.

හින්දු හැටියට කි‍්‍රයාකරන්න හින්දු මැති ඇමතිවරු තීරණය කළහොත් මොකද්ද මේ රටට වෙන්නේ. ඒක නිසා පොලීසියේ ආරක්ෂක අංශවල වගකීම තමයි යම් මැති ඇමති කෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා නම් දැන් වාහාම ඒක විසඳලා රටට කියන්න.

ඒ වගේම වෛද්‍යවරු පිළිබඳව ගැටළු පැනනැගී තිබෙනවා. එම ප‍්‍රශ්න, සාමාන්‍ය මිනිසුන්ට  විසඳන්න බැහැ. ඒකට තමයි වෛද්‍ය සභාව තිබෙන්නේ. ඔවුන් තමයි ඒ පිළිබඳව සිටින විශේෂඥයෝ.

ඒ අය තමයි වෛද්‍යවරුන්ගේ ශිෂ්ටසම්පන්න භාවය, ප‍්‍රමිතිය, ඔවුන් කරන වැරදි පිළිබඳව සොයන්න වගකීම ඇත්තේ වෛද්‍ය සභාවට“ යැයි ද පැවසීය.

Read more

Local News