වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක්

Share

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී පවතින බවත් ඒ හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට (කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) මි.මි 100- 150 අතර තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද සහ ඌව පළාත්වලත් අම්පාර, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර යාපනය දිස්ත්‍රික්කයේත් පොතුවිල් ප්‍රදේශයේත් පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Read more

Local News