හෙරොයින් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(07) කල්පිටිය, කරඹ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව කල්පිටිය, කරඹ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් විකිණිම සඳහා සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වසය අවුරුදු 34 වන වියෙහි පසුවන පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ හෙරෝයින් ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

තවද, 2019 ජූනි 02 වන දින කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී සිදු කළ ‍සෝදිසි කිරීමකදි හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සමත්ව විය.

Read more

Local News