තම පාලන සමයේ ගොඩනැගූ ආර්ථිකය යළි බිඳ වැටී ඇති බව මහින්ද කියයි

Share

තම පාලන සමයේ ගොඩනැගූ මෙරට ආර්ථිකය යළි බිඳ වැටී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹදී ඊයේ(07) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.

“මම ජනාධපතිවරයා වශයෙන් පත්වන විට මට තිබුණු අභියෝගය වෙනස්. එදා අභියෝගය තිබුණේ තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න. ආර්ථිකය ගොඩනගන්න.

අපි මේවා මාකට් කරේ නෑ. අපි පැය ගණන් කතා කලේ නෑ කරපු දේවල් ගැන. සංවර්ධනය කියන්නේ අධි වේගී මාර්ග හදන එකවත් අහස උසට ගොඩනැගිලි හදන එකවත් නෙවේ කියන තත්ත්වයට රටේ සමහර අය පත් වුණා.

අපි අධිවේගී මාර්ග හදලා ගමේ යන්න තියෙන පාරවල් කාපට් කරල, කොන්ක්‍රීට් කරලා, හැම රජයේ ගොඩනැගිල්ලක්ම අලුතින් ඇති කරලා සියල්ලක්ව ගොඩනැගුවා.

නමුත් එදා තිබුණ අභියෝගය නෙවෙයි අද තියෙන්නේ. අද ආර්ථාකය කඩා වැටිලා. අපි ගොඩනගපු ආර්ථිකය බිඳ වැටිලා. එහෙමනම් අපිට තියෙනවා ඒ ආර්ථිකය යළිත් ගොඩනගන්න.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News