ඉල්ලා අස් වු මුස්ලිම් ඇමතිවරු මහින්ද හමුවෙයි

Share

සිය ධුරවලින් ඉල්ලා අස් වු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බවට වාර්තා වෙයි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබු අතර මුස්ලිම් ජාතික, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

Read more

Local News