ශ්‍රීලංකන් ගුවන් ගමන් නියමිත වේලාවට මෙහෙයුම් වැඩියෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වෙයි

Share

ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත්  ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline)  තේරී පත්වී ඇත.

මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී  90.75% ක ගුවන් ගමන් මෙහෙයුම්  නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කළේ ගුවන් සේවය නියමිත වේලාවට පැමිණීම හා නියමිත වේලාවට පිටත්වීමෙන් ගනුදෙනුකරුවන් ඉමහත් ප්‍රීතියට පත්ව ඇති බවයි.

තවද මෙම ජයග්‍රහණය සඳහා කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවීමෙන් ඔවුන්ගේ කාර්යභාර්ය කළ බවත් ගුවන් සේවා කණ්ඩායම වෙත සුබපැතුම් පිරිනමන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කේන්ද්‍රස්ථානය වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඉහළ නංවා ඇති අවස්ථාවක මෙම ජයග්‍රහණය හිමිවීම විශේෂත්වයකි. දුෂ්කර කාල පරිච්ජේදයක පවා තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සැපයීම තුළින් ජාතික ගුවන් සේවයේ අසාමාන්‍ය කැපවීම පැහැදිලිව පෙන්නුම් කරයි.

(www.flightstats.com) ගුවන් යානා දත්ත විශ්ලේෂණය කරන සමාගම විසින් විසින් නිරීක්ෂණය කරනු ලැබූ සියලුම ගුවන් සමාගම් අතරින් ශ්‍රීලංකන් ගුවන් සේවය “ගෝලීය ගුවන් සේවා” සහ ‘ප්‍රමුඛ ගුවන් සේවා ‘ යන කාණ්ඩ දෙක යටතේ ප්‍රථම ස්ථානයට තේරීපත් වූ අතර  යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග සහ  දකුණු ඇමරිකාව වැනි  ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කරන ලදී. මෙම ගුවන් සේවා  කලාපීය ගුවන් සේවා , පිරිමැසුම්  ගුවන් සේවා,ගෝලීය ගුවන් සේවා සහ ප්‍රධාන ගුවන් සේවා , යන කාණ්ඩ යටතේ වර්ග කර ඇති  අතර ඇතැම්  ගුවන් සේවා  මෙවැනි කාණ්ඩ කිහිපයකටම අයත්  වී ඇත.  “ගෝලීය ගුවන් සේවා” කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානයට බ්‍රසීලයේ LATAM ගුවන් සමාගම සහ තුන්වන ස්ථානයට ජපානයේ All Nippon ගුවන් සේවය තේරීපත්විය.   “ප්‍රධාන ගුවන් සේවා”කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානය All Nippon ගුවන් සේවය සහ එහි තෙවෙනි ස්ථානයට GoAir තේරීපත්වූහ.

පසුගිය මාස 12 තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන්ම ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකරන ගුවන් සේවා අතරින් එකක් වූ අතර,  එය 2018 ජූනි මස සිට 2019 මැයි දක්වා කාලය තුළ  ගුවන් ගමන් පිටත් වීමේ සාමාන්‍ය 86% ක්  සහ ගුවන් ගමන් යානා පැමිණීමේ  සාමාන්‍ය 85% විය. මෙම කාර්යක්ෂමතාව  ගුවන් සේවාවේ මූල්‍යමය පසුබිම සඳහා මෙය සැලකිය යුතු ලෙස දායකත්වයක් ලබා දුන් අතර  ගුවන් සේවා ප්‍රමාදයන් හේතුවෙන් වැය වන අමතර වියදමද අඩු කර ගැනීමට හැකි වූහ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිසි වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත්තේ එහි සියලු දෙපාර්තමේන්තු සහ පුද්ගල කාර්ය මණ්ඩල සාමාජිකයින් වගකියනු ලබන විවිධ පැතිකඩයන් හි  මෙහෙයුම් කාර්ය සාධනය ව්‍යුහගත ක්‍රියාවලියක් තුළින් අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරනු ලබන නිසාය.

ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  111 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ. එසේම  ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards )   ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards Asia and Australasia ) ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ.

Read more

Local News