අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළ යයි

Share

අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අධිවේගී මාර්ගයක වේග සීමාව 100ක් වන අතර එය 20%කින් වැඩි වුවහොත් දඩය රු.3000 – 5000 අතර වන අතර වේග සීමාව 20 – 30%ත් අතර නම් දඩය රු.5000 – 10000 දක්වා වේ.

වේග සීමාව 30 – 50% අතර නම් දඩය රු.10000 – 15000 අතර වන අතර වේග සීමාව 50% ඉක්ම වූ විට දඩය රු. 25000 වන බවත් අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News