ඉන්දීය අගමැති අද මෙරටට

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) දිවයිනට පැමිණෙයි.

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය අවසන් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 11 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.

නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

පස්වරු 3.00ට ඔහු සිය සංචාරය අවසන් කර යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හේතුවෙන් අද පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කටුනායක සිට කොළඹ දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

Read more

Local News