මුස්ලිම් ජනතාවට රතන හිමිගෙන් ආරාධනාවක්

Share

ජනාධිපතිවරයා සිය විධායක බලතල භාවිතයට ගනිමින් මුළු රටම එකම නීතියක් යටතට පත් කිරීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.

ඊයේ (09) පස්වරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණියේය.

“මේ රටේ පහුගිය වකවානුව තුළ ඉතාම බරපතළ විදිහට මුස්ලිම් අන්තවාදයකට ගොදුරු වෙලා තිබුණා.

මේ සඳහා රජය ගතයුතු පියවර ගණනාවක් තියෙනවා.

පළමු පියවර එක නීතියක් එක රටක්.

එක අධ්‍යාපන ප්‍රතිපත්තියක්. අත්තනෝමතිකව ජන බලය පාවිච්චි කර ඉඩම් අත්පත් කර ගැනීම වැළැක්වීම.

පරිසරය සුරක්ෂිත වන ආකාරයේ පරිසර නීතියක්.

ජනාධිපතිට තවත් ඉඩකඩ තියෙනවා විධායක බලතල යටතේ එක නීතියක් යටතට රට ගේන්න.

රටේ පොදු පාසල් පද්ධතියකට දරුවන් එවන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගිය යුතුයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ රටට කළ යුතු ආයාචනය එයයි.

සියලුම ජාතීන් එකම බලයක් බවට පත් වී මෙම අන්තවාදය පරාජය කරන්න පෙළගැහෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

අන්තවාදයට එකඟ නැති මුස්ලිම් ජනතාවට පොදු සමාජයට එකතු වෙන්න කියලා අපි විවෘතව ආරාධනා කරනවා.” රතන හිමි එහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News