මෝදි – ‌‌මෛත්‍රී හමුවෙයි

Share

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් උත්තමාචාර පෙළපාලියක්ද පවත්වනු ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත දිවා භෝජන සංග්‍රහයක් ලබා දුන් අතර දෙරට අතර අතීතයේ සිට පැවති ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ය.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ අයි 001 දරණ ගුවන් යානයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11.00 ට පමණ මෙරටට පැමිණි අතර ඔහු සමග පැමිණි දූත පිරිස 59 කි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් ආරක්ෂක රථ කොළඹ බලා පිටත් විය.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ද නිරීක්ෂණය කළේ ය.

 

Read more

Local News