මංතීරු නීතිය අද සිට දැඩිවෙයි

Share

මංතීරු නීතිය අද(10) සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව දිවයිනේ ප‍්‍රධාන නගරවල මෙම නීතිය කි‍්‍රයාත්මක කරනු ඇති.

මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව රියදුරන්ට සති දෙකක සහන කාලයක් ද පොලීසිය විසින් ලබාදෙනු ලැබීය.

එම කාලය ඊයෙන් අවසන්වීමත් සමඟ මංතීරු නීතිය අද සිට දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read more

Local News