රටේ ජාතික ආරක්ෂාවට අද වන විට තර්ජනයක් ඇතිවි තිබෙනවා

Share

පසුගිය ආණ්ඩුව සමයේදි අමෙරිකාව සමඟ ආරක්ෂක හරස් සේවා ගිවිසුම අත්සන් කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට අද වන විට තර්ජනයක් ඇතිවි තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ අමෙරිකාව සමඟ වසර 10කට අත්සන් කළ ආරක්ෂක හරස් සේවා ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් දින නියමයකින් තොරව ගිවිසුම් ගත කර කල බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව අමෙරිකාවේ සොල්දාදුවෙන් මෙරටදි යම් කිසි වරදක් සිදු කළහොත් ඒ සඳහා කිසිදු අවස්තාවකදි මෙරට අනුව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රට නිවැරදි මාර්ගයට ගෙන එම සඳහා වසර 5ක් යනතුරු රට පාලනය කිරිම සඳහා අවශ්‍ය බලය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන ලෙසටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News