ඉදිරියේදී පසට පොහොර යෙදීමට පාංශු පරීක්ෂණය අනිවාර්යයි

Share

පොහොර සහනාධාරයෙන් ගෙන්වනු ලබන පෙහොර 1/6 ක් වංචා සහගත ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයන් වංචාකරණ බව ජාතික පොහොර ලේකම් කර්යාලය කළ පරීක්ෂණයකින් හෙලිවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මහතා මේ බව පැවසුවේ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

2017 වර්ෂයේ දී පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබා දීමේදී බිලියන 15ක මුදලක් රජය වියදම් කළා. නමුත් 2018 වර්ශයේදී මීට දෙගුණයක් බිලියන 35ක මුදලක් පොහොර ගෙන්වීම සඳහා රජය වියදම් කර තිබෙනවා.

මින් තේරුම් යනවා රටේ පොහොර අවශ්‍යතාවය බිලියන 15කට සීමා වෙලා කියලා. අනෙකුත් පෞද්ගලික නිෂ්පාදන සඳහා පොහොර යොදා ගන්නා බවට දැනටමත් අපි කරන ලද පරීක්ෂණයකින් අවබෝධ වෙලා තිබෙනවා.

ඇතැම් භාණ්ඩ නිෂ්පාදන කරන සමාගමක් 2017 වර්ෂයේ දී මෙරටට මෙ.ටො.3000ක පොහොර ආනයනය කර තිබුණත්, පොහොර සහනාධාරයට පොහොර ලබා දීමේදී එම ආනයනය නවත්තලා තියෙනවා.

මින් පෙනී යනවා පොහොර ආනයනය නොකර පෞද්ගලික සමාගම් තම අවශ්‍යතාවලට සහනාධාර පොහොර භාවිතාකරණ බව.

ඒ සමඟම සහනාධාර ක්‍රමයට අනුකූලව කෝටි 90ක් වැය කරමින් මෙරටට පොහොර ගෙන්වා මෙම නිෂ්පාදන සිදුකරණ සමාගම්න්ට අලෙවි කරණ පුද්ගලික සමාගමක් පිළිබඳව දැනට අපට තොරතුරු ලැබිලා තියෙනවා.

ඒ අය නීතිය හමුවට අපි ගේනවා. සහනාධාර සඳහා ලබා දෙන පොහොර අලෙවි කරන බවට මේ සමාගම ගැන අපිට තොරතුරු ලැබිලා තිබෙනවා.

වෙනත් රටවල් පසේ PH අගය පරික්ෂා කොට අවශ්‍යතාවයට තමයි පොහොර නිකුත් කරන්නේ. මේ සඳහා පාංශු පරීක්ෂණයක් කරනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා අදාල පරීක්ෂණ සිදු කිරීම සඳහා පෙර පුහුණුවක් ලබා දී පාංශු පරීක්ෂණයකින් අනතුරුව තමයි පොහොර ලබා දීමට කටයුතු කරන්නේ.

අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් අලෙවි කරන වෙළෙඳසැලේ හිමිකාරයා තමයි තීරණය කරන්නේ බෝගයට ගැලපෙන පොහොර මොනවා ද, බෙහෙත් මොනවා ද කියලා. එකයි ඇත්ත කතාව. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් මුදලාලිගේ නිර්දේශය තමයි ගොවියා ක්‍රියාත්මක කරන්නේ.

ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා අපි කටයුතු කරනවා.

ඒ වගේම ඉදිරියේදී ගොවීන්ට ගොවි සංවිධාන හරහා ගොයම් කැපීමේ යන්ත්‍ර ලබා දීමට අපි කටයුතු කරනවා.

පෞද්ගලික අංශයට වඩා අඩුවෙන් ගොවියාගේ දායකත්වය 50% කපමණ මුදලක් දරන්නට වෙයි මේසදහා . මේ වෙනුවෙන් දැනටමත් අපි ඉන්දියාව සමග සාකච්ඡා කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News