යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි ?

Share

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වූ යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

යුවරාජ් සිං 2011 ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කර දීමට විශාල දායකත්වයක් දුන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු එම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

37වන වියේ පසුවන ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී ඇත්තේ 2017 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ යුවරාජ්ගේ දක්ෂතා මෙසේය.

එක්දින තරග 304
ලකුණු 8701
අර්ධ ශතක 52
ශතක 14
කඩුලු 111

ටෙස්ට් තරග 40
ලකුණු 1900
අර්ධ ශතක 11
ශතක 3
කඩුලු 9

20යි 20 තරග 58
ලකුණු 1177
අර්ධ ශතක 8
කඩුලු 28

Read more

Local News