ජනාධිපතිවරණයට ලකුණු දාගන්නේ ජනතාව බිල්ලට දීලා

Share

කථානායකවරයාට ව්‍යවස්ථාව හා පනත් පිළිබඳ නිසි අවබෝධයයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නිලධාරීන් නොපැමිණියහොත් එය කඩකිරීමේ ප්‍රතිවිපාක විදීමට සිදුවන බවට පැවසීමෙන් එය සනාථ වන බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ජනාධිපතිවරණයට ලකුණු දාගන්න. ජනතාව බිල්ලට දීලා. කථානායකගේ ප්‍රකාශය බරපතළයි. නිලධාරීන් සාක්ෂි නොදෙන්න ආවොත්.අත්වෙන ඉරණම භයානකයි කියලා තර්ජනය කළා.

ව්‍යවස්ථාව හා පනත් ගැන තියෙන.අනවබෝධය නිසයි මෙහෙම ප්‍රකාශ කරන්නේ. වෙන අයගේ බලපෑමටයි කරන්නේ“

Read more

Local News