කටුපොත වෙළඳසැලක ගින්නක්

Share

කටුපොත නගරයේ පිහිටි වෙළඳසැලක ඊයේ(10) රාත්‍රී 8.40ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ගින්න හට ගෙන අසල වු තවත් වෙළඳසැල් 3 කට පැතිර ගොස් තිබේ.

‍කටුපොත පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය කුරුණෑගල ‍නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමඟ ගින්න මැඩ පවත්වා තිබේ.

‍ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News