පොසොන් සතිය අදින් ඇරඹේ

Share

රජය විසින් අද(12) සිට ලබන 18 වනදා දක්වා පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

“සබ්බේ නසන්ථි දණ්ඩස්ස” යන්න මෙවර පොසොන් පොහොය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇත.

පොසොන් සතියට සමගාමීව ලබන 13 වනදා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාගවල සර්ව රාත්‍රීක පිරිත් පිංකම් සංවිධානය කර තිබේ.

එම කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රතිපාදන මේ වන විටත් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

එමෙන්ම ලබන 12 වනදා සිට 18 වනදා දක්වා රජයේ සියලුම ආයතනවල හා ගොඩනැගිලි වල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්, එම ආයතන සහ ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාරවත් කරන ලෙසත් දැනුම්දී තිබේ.

Read more

Local News