අස්වු මුස්ලිම් මන්ත්‍රීවරුන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරු හමුවෙයි

Share

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට වඩා මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනි සිටීමෙන් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියන් අවධාරණය කරයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊයේ(11) අස්ගිරි මල්වතු හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදියි.

පසුගියදා ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊයේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා  හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිවරුන් බැහැදුටුවේ අස්ගිරි විහාරයේදීයී.

සාමුහිකව රජයේ තනතුරුවලින් ඉවත් වීම ගැන නොයෙක් මතිමතාන්දර ඇති බව ද මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනාහිමිවරුන් ඉදිරියේ කියා සිටියේය.

රට ජාතිය වෙනුවෙන් රටට වෙන හානිය වළක්වා ගැනීමට සාමුහික වශයෙන් ගන්නා ලද තිරණයක් ලෙස මෙය දක්වන බව ද හකීම් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් කියා සිටියේ, සාමුහික වශයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ තමන් ප්‍රබලව කථා නොකල බවත්, එය මාධ්‍ය තුළින් උලුප්පා දැක්වු බවත්ය.

මේ රටේ මුස්ලිම් ස්වභාවයට වඩා අරාබි මුස්ලිම් ස්වභාවයට යෑමට උත්සහ දරන පිරිසක් සිටින බවත්, ඔවුන් නිසා අවුලක් ආව බවත් ඒ වෙලාවේ චෝදනා එල්ල වු ඇමතිවරු පිරිසක් සිටින බවත් ඔවුන් නිර්භයට ඉදිරිපත් වෙලා අපි නිවැරදි කියලා රටට තහවුරු කල යුතු බවත් නැතිනම් මෙය විසදෙන්නේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Read more

Local News