මහජන නියෝජිතයින් පත්කරගන්නේ ආගම්වාදීව වැඩ කරන්න නෙමෙයි

Share

ජනතාව මහජන නියෝජිතයින් පත්කරගන්නේ ජාතිවාදී හෝ ආගම්වාදීව කටයුතු කිරීමට නොව රට සංවර්ධනය කිරීමේ අරමුණින් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිලිනොච්චි ප්‍රදේශයේ ඊයේ(11) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අන්තවාදය නිර්මාණයවීමට මූලික හේතුව වන්නේ මහජන නියෝජිතයින් විසින් ජාතිය සහ ආගම කේන්ද්‍ර කරගෙන දේශපාලනය කිරීමෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ කිලිනොච්චි පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ ඉදිකළ අරාධි නගර් සහ සංජීවිනගර් උදාගම්මාන 2 ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදුකෙරුණි.

Read more

Local News