කළු පාලම අසලදී කුඩු සමඟ අයෙක් මාට්ටු

Share

ජා-ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 550ක් සොයාගෙන ඇති අතර සැකකරු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද(12) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News