ළිඳක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගනී

Share

වේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත, හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට වේයන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හංචපොළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 69 ක් වු මන්ද්‍රි යස්මින් ගුණවර්ධන නැමති කාන්තාවක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය සිදුවීම වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, මෙම මියගිය කාන්තාව සිය නිවසේ තනිව ජීවිත්ව ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News