ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 943ක් දක්වා ඉහළට

Share

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව මව්වරුන්ගේ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 943ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මතයි.

සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමින් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවූ බව පවසමින් මව්වරු විශාල පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළේය.

සැත්කමෙන් පසු සංකූලතා ඇතිවූ බවද මව්වරුන්ගෙන් එල්ලවන තවත් චෝදනාවකි.

Read more

Local News