මේ ආණ්වුවේ තෙල් මිල ගිය ආණ්ඩුවට වඩා තවම අඩුයි

Share

ජනතාවට උපරිම ලෙස සහන සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ඔහු සඳහන් කරන්නේ ඉන්ධන මිල පමණක් පහළ දමා සෙසු සියලු භාණ්ඩවල මිල ඉහළ දැමීමෙන් ජනතාවට සහනයක් සිදු නොවන බවයි.

ගාල්ලේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටියේය.

තෙල් මිල ගත් විට මේ ආණ්වුවේ තෙල් මිල ගිය ආණ්ඩුවට වඩා තවම අඩුයි.

“ලෝක වෙළඳපොලේ තෙල් මිලට සාපේක්ෂව තෙල් මිලට සාපේක්ෂව තෙල් මිල අඩු වෙන්න ඕනෙ වගේම ඩොලරයට සාපේක්ෂවත් සංශෝධන සිදුවිය යුතුයි.

තෙල් මිල විතරක් අඩු කරලා අනිත් සියලු දේ මිල වැඩි කරලා වැඩක් නෑ. සංවර්ධන කටයුතු නතර කරලා වැඩක් නෑ.

පොදුවේ සමබර සංවර්ධනයක් සමබර ආර්ථික මට්ටමක් පවත්වාගෙන යා යුතුයි.

පසුගිය කාලයේ ඇතිවු ත්‍රස්ථ ප්‍රහාරයත් සමඟ සාධනීය ආර්ථික මට්ටමක් පවත්වාගෙන යාමට පුළුවන්කම ලැබුණේ ක්‍රමවත් ආර්ථික කලමණාකරනය නිසා.

මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න කළමණාකරනය කරගෙන තියෙන ප්‍රශ්නෙත් එක්ක ඉස්සරහට යන්න හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසයි මේ මට්ටමින් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.

තෙල් මිල එහාට මෙහාට වුණා කියලා ලොකුවට කෑ ගහන එක නෙවේ. මාසෙකට සැරයක් මේ පුරුද්ද අත් විදින්න වුණා. හැබැයි ලබන මාසේ අඩුවෙන්න පුළුවන්. නැවත වැඩිවෙන්න පුළුවන්.

නමුත් ආර්ථිකයේ අනෙකුත් කරුණු එක්ක සාකච්ඡා කරද්දී ඒක මහලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ජාතික ආරක්ෂාව පිලිබඳ ගැටලුව දැනගෙන ආරක්ෂාව දෙන්න බැරි වුණා කියන කාරණාවනේ දැන් මේ පාර්ලිමේන්තු කමිටුව හරහා එලි දැක්වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ දැන දැනත් මේකට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නෑ කියලානේ.

ඒකට ඉස්සෙල්ලා විසදුමක් හොයාගන්න ඕනෙ.

ඒ අතරෙ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න යුතුකමක් තියෙනවා.

ඒ සඳහා තමා කටයුතු කරමින් යන්නේ. නමුත් ප්‍රහාරයෙන් ඇතිවු කඩාවැටීම එක පාරටම ගොඩගන්න බෑ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

Read more

Local News