ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එළිදක්වයි

Share

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ,ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග, එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මේ ඔස්සේ, Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health  ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශයට පත් කර ඇත.

“අසීමිත ඔබ, නම් සංකල්පය ඔස්සේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකයන්” පාරිභෝගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත්‍රිත්වයේ හැකියාවන් අසීමාන්තිකව පුථල් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබයි.

“ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්තයක් බවට පත් කර ගැනීමට කැපවූවන් අගය කරමින් ජනාධිපති සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය කේ.කේ.එන්.ඩබ්ලිව් පෙරේරා, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද විදුලි සංදේශ කොමිසම, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුථ ආයතන වෙනුවෙන් සම්මාන පිළිගැන්විණි.

කථන ග්‍රන්ථ ප්‍රකාශනය වෙනුවෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ ද සම්මානයෙන් පිදුම් ලැබීය.

වකුගඩු රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් පිරිනැමුණු මුදල් පරිත්‍යාගය ද ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු විය.

අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන මහත්වරුන් ද  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුථ රාජ්‍ය නිලධාරින් ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ඇතුථ එහි අධ්‍යක්ෂ මණ්ඩලය, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News