දන්කොටුවේදී නොසන්සුන් වූ 03ක් පොලිස් අත්අඩංගුවට

Share

දන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වගකියයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ  බුජ්ජම්පොල පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන තිදෙනෙකි. මෙම නොසන්සුන්කාරි තත්වය හේතුවෙන් බෝධියපුර ප්‍රදේශයේ නිවාස කීපයකට හානි වි තිබුණි.

එම නොසන්සුන්කාරි තත්වය  ඇති කිරිමට හා එයට සම්බන්ධ වු පිරිස් සම්බන්ධයෙන් සිදුකල සියුම් විමර්ශනයකින් අනතුරුව සැකපිට මෙම පුද්ගලයන්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය. දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත විශේශ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News