හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් හෙට විශේෂ කාරක සභාව හමුවට

Share

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව එදිනට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුන් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා ඇති බව වාර්තා වෙයි.

කැඳවීම ලබා ඇති හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් ද විය.

එමෙන්ම  හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේය.

Read more

Local News