නොම්බි සමයේ මුස්ලිම් තරුණයින් අත්අඩංගුවට ගැනීම සාපයක්

Share

මුස්ලිම් තරුණයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගත් හේතුව වන්නේ දුරකථනයේ සහරාන්ගේ විඩියෝ තිබීම හේතුවෙන් බවත් නොම්බි සමයේදී මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සාපයක් බවත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ(12) ඔහු මෙම අදහස් පළ කළේය.

අසාද් සාලි මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරන බවයි.

ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාවට මෙවැනි දෙයක් සිදු කරයි කියා ඔවුන් කිසිම දිනක නොසිතූ බව අසාද් සාලි මහතා සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන ෆායිම් නැමැත්තා සම්පූර්ණයෙන් වගකිව යුතු බව බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරත් පැවසීය.

Read more

Local News