පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Share

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දන්වා ඇත.

ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙනි.

ලබන 14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පොසොන් උත්සවය වෙනුවෙන් රජරට, කොළඹ, මහනුවර, ගම්පහ, වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 5ක් ආවරණය වන පරිදි බස්රථ 600ක් ධාවනයට යොදවා තිබේ.

එම බස්රථවලට අමතරව ඕනෑම අවස්ථාවක යෙදවිය හැකි ලෙසට අතිරේක බස්රථද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ පසුගිය වර්ෂයට වඩා මෙවර නව ගමන්වාර කිහිපයක් හඳුන්වා දීමයි.

ඒ අනුව කන්තලේ ඩිපෝවෙන් කන්තලේ සිට සේරුවාවිල දක්වාත් දඹුල්ල ඩිපෝවෙන් ඇල්ල හරහා මහියංගණය සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුර ඩිපෝවෙන් අනුරාධපුර මිහින්තලේ දක්වා සහ අනුරාධපුරය සිට තන්තිරිමලය දක්වාත් නව ගමන්වාර ඇතුළත් කර තිබේ.

අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලේ පියගැටපෙළ දක්වාද විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මකය.

මීටපෙර අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවල ගමනාන්තය වූයේ අනුරාධපුරය වේ.

කෙසේනමුත් මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භවන පොසොන් සේවා බස්රථ මිහින්තලය දක්වාම ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය ලබන 14වැනිදා සිට දහවල සිට අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව කොළඹ කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය, අනුරාධපුරය – බෙලිඅත්ත යනාදි ලෙසද විශේෂ දුම්රිය යොදවා ඇත.

පොසොන් උත්සවය වෙනුවෙන් දියත් කෙරන විශේෂ ප්‍රවාහන සැලැස්මේ සවිස්තරාත්මක වාර්තාව පහත පරදි වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

*රජරට ප්‍රාදේශිකය-

කන්තලේ ඩිපෝව-කන්තලේ සිට සේරුවාවිල

අනුරාධපුර ඩිපෝව-අනුරාධපුරය සිට මිහින්තලය
අනුරාධපුරය සිට තන්තිරිමලය

මිහින්තලය දුම්රිය ස්ථානය සිට මිහින්තලය පියගැට පෙළ

පොළොන්නරුව ඩිපෝව  – පොළොන්නරුව සිට ගල්විහාරය
පොළොන්නරුව සිට දිඹුලාගල
පොළොන්නරුව සිට සෝමාවතිය

දඹුල්ල ඩිපෝව-දඹුල්ල සිට සීගිරිය
ඇල්ල හරහා මහියංගණය සිට අනුරාධපුරය

 

*  ගම්පහ ප්‍රාදේශිකය
කොළඹ සිට අනුරාධපුරය
දිවුලපිටිය සිට අනුරාධපුරය
කිරිඳිවැල සිට අනුරාධපුරය
ජාඇල සිට අනුරාධපුරය

*කොළඹ ප්‍රාදේශිකය
කොළඹ සිට අනුරාධපුරය

*වයඹ ප්‍රාදේශිකය
කුරුණෑගල සිට අනුරාධපුරය
කුලියාපිටිය සිට අනුරාධපුරය
හලාවත සිට අනුරාධපුරය

*මහනුවර ප්‍රාදේශිකය
මහනුවර සිට අනුරාධපුරය

දුම්රිය කාල සටහන-අනුරාධපුරය දක්වා

14 වැනිදා සිකුරාදා
පස්වරු 12 45 – කොළඹ කොටුව සිට අනුරාධපුරය

15 වැනිදා සෙනසුරාදා
අලුයම 03.30 – කොළඹ කොටුව සිට අනුරාධපුරය

පෙරවරු 8.20 – කොළඹ කොටුව සිට අනුරාධපුරය
දහවල් 12.45 – කොළඹ කොටුව සිට අනුරාධපුරය
පස්වරු 06.10 – කොළඹ කොටුව සිට අනුරාධපුරය

16 වැනිදා ඉරිදා (පොසොන්දින)
අලුයම 2.45      – මහව සිට අනුරාධපුරය
අලුයම 03. 30   – කොළඹ කොටුව සිට අනුරාධපුරය
පෙරවරු 10. 40 – මහව සිට අනුරාධපුරය
පස්වරු 06. 10   – කොළඹ කොටුව සිට අනුරාධපුරය

17 වැනිදා සඳුදා
දහවල් 01.35     – මහව සිට අනුරාධපුරය

18 වැනිදා
පෙරවරු 11.30 – මහව සිට අනුරාධපුරය
අනුරාධපුරය සිට

15 වැනිදා
පස්වරු 06. 00   – අනුරාධපුර  සිට කොළඹ කොටුව

16 වැනිදා
අලුයම 01. 35   – අනුරාධපුර සිට කොළඹ කොටුව
පෙරවරු 07. 40 – අනුරාධපුර සිට මහව
පස්වරු 03. 45   – අනුරාධපුර සිට මහව
පස්වරු 05. 45   – අනුරාධපුර සිට බෙලිඅත්ත
රාත්‍රි 09. 00       – අනුරාධපුර සිට කොළඹ කොටුව

17 වැනිදා
අලුයම 01. 35   – අනුරාධපුර සිට කොළඹ කොටුව
උදේ 09. 50      – අනුරාධපුර සිට මහව

18 වැනිදා
පෙරවරු 09.30 – අනුරාධපුර සිට මහව
පස්වරු 03. 45   – අනුරාධපුර සිට කොළඹ කොටුව
පස්වරු 06. 00   – අනුරාධපුර සිට කොළඹ කොටුව

* 16 සිට 17
අනුරාධපුර සවස 05ට පිටත්වී මැදවච්චියෙන් සවස 06.10 නැවත අනුරාධපුරයට පැමිණෙයි.

* 14  දහවල සිට සිට 17 වැනිදා දක්වා
අනුරාධපුර සිට මිහින්තලේ දක්වා පැයකට වරක් සේවාව ක්‍රියාත්මක වේ.

Read more

Local News