නීති විරෝධීව මසුන් ඇල්ලූ 5ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 39 ත් අතර පසුවන ත්‍රිකුණාමලය, චින වරාය සහ මොල්ලිපතාන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News