අගමැති මෝදිගෙන් රාජිතට සහතිකයක්

Share

ශ්‍රී  ලංකාවේ සෞඛ්‍ය නංවාලිමට ඉන්දියාව සහාය ලබාදීමට සූදානම්” අගමැති මෝදිගෙන් සුව ඇමැතිට සහතිකයක්.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිරයේ දී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳව ඉදිරියේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Read more

Local News