ඉන්දීය තරුණයින් වැඩියෙන් ගෙන්වා ගන්න රාත්‍රී සමාජ ශාලා ඇති කළ යුතුයි

Share

ඉන්දීය තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීම සඳහා හෝටල්වල රාත්‍රී සමාජ ශාලා ඇති කළ යුතු බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි.

ඉන්දීය පැකේජය ඉතා වැදගත් බවත්, ඔවුන් දිගටම ලංකාවේ සංචාරය කරනවා නම් අපට වෙනත් අය මත යැපීමට අවශ්‍ය නොවෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔවුන්ට ආකර්ශනයක් ඇති වෙන ලෙස අප වැඩ කළ යුතු බවත්, මෙය පළමු පැකේජය වන බැවින් ඉදිරියේ දී චීනය හා මැද පෙරදිග රටවල් කීපයක් දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවේ කැසිනෝ කිසිදු සැකයකින් තොරව ආකර්ශනීය වන බවත් පැවසු අමාත්‍යවරයා, ඉන්දීය බලධාරීන් කොළඹ හා වෙනත් ප්‍රදේශවල විනෝදාස්වාද ක්‍රියාකාරකම් නොමැති බවට චෝදනා කරන බවද පැවසීය.

Read more

Local News